ශ්රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඝණයට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් 8 දෙනෙකු සහ නාවිකයන් 144 දෙනෙකු සිය පුහුණුව නිමා කරමින් අද (09දා) ත්රිකුණාමලය, සාම්පුර් හි පිහිටි මැරීන් බලඇණි මූලස්ථානයේදී විසිර ගියහ.
මෙම විසිර යාමේ සහ ලාංඡන පැළදවීමේ උත්සවය සඳහා ප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික ප්රදේශය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා සහභාගී විය.
භූ ජල තරණ ක්රියාන්විතයන් සඳහා විශේෂ පුහුණුවක් ලබා ඇති මෙම නාවික පුද්ගලයන් දූපත් රාජ්යක් වන අප රටේ ඕනෑම වෙරළ තීරයකට ගොඩබැස සාගරයෙන් පැමිණෙන ඕනෑම සතුරු උවදුරකට සාර්ථක අයුරින් මුහුණ දීමේ නිපුණත්වයකින් යුක්ත වේ.