ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියට එක් නොවන සියලුම නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට, ආසන සංවිධායකයින්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට යන සියලු දෙනාටම එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම පක්ෂය සූදානම් බව නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා පැවැසීය.
අද (22දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් ලේකම්වරයා දැක්වීය. ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිවත් විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂයට සිදුවෙනු ඇත.
ඒ මහින්ද රාජපක්ෂ මහතා දැනටමත් ඒකාබද්ධ විපක්ෂය කිරුළපනදී පැවැත්වෙන මැයි රැළියට එක්වෙන බවට ප්‍රකාශ කර ඇති හෙයිනි.
එසේම පක්ෂය මීට ඉහතදි මෙන්ම ආසන සංවිධායකයන්ට, පළාත් මන්ත්‍රීන්ට හා පළාත් පාලන මන්ත්‍රීවරුන්ට මැයි රැළියට එක්වෙන ලෙසට ආරාධනා කර අැති බවත් පැවැසීය.
එසේම ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් පත්කිරීම සිදුකිරීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සත් පුද්ගල කමිටුවක් පත් කළ බවද ඔහු කීවේය.