මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වූ පසුව ක්‍රියාත්මක කරන ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සියල්ලම වෙනසක් නොකර ඉදිරියට ගෙන යනවා නම් ලබන මාර්තු – මැයි මාස අතරතුර දී ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය නැවතත් ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකියාව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඊයේ (20 දා) දහවල් යුරෝපීය පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡා වාරයන්ගෙන් පසුව මාධ්‍යවේදීන් අමතමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනපතිවරයාගේ නායකත්වය යටතේ මුළු රටම ඒකරාශී කර ගනිමින් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරලීම ජනවාරි මාසයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවය.
“ශ්‍රී ලංකාව යුරෝපා සංගමයෙන් ඉල්ලූ ජීඑස්පී ප්ලස් සහනය ලබාදීමට තවත් ඇත්තේ තාක්ෂණික කරුණු කිහිපයක් පමණක් බව යුරෝපා සංගමයේ විදේශ කටයුතු භාර ප්‍රධාන නියෝජිතවරිය වන මොගේනි ඇමැතිවරිය පවසා සිටියා. ශ්‍රී ලංකාවේ වෙළෙඳ අංශය, මානව හිමිකම්, ප්රජාතන්ත්රවාදය පිළිබඳ කාරණා ක්‍රියාත්මක වී තිබෙනවා ද, නැද්ද යන කරුණ පිළිබඳව ඔවුන් තවදුරටත් සොයා බලාවි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වී ලබන ජනවාරිය වන විට වසර දෙකක් ගත වෙනවා. පළමු මාස දෙක ඇතුළත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කළා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ජාතික රජයක් පිහිටුවූවා. අපට මෙතරම් දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීමට හැකි වූයේ පක්ෂ දෙකම එකට එක් වූ නිසයි. අප විශාල වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා. ඒ පිළිබඳව අප සාකච්ඡා කළා. දැන් ඉතිරි වී තිබෙන්නේ ඒ වැඩසටහන් ඉදිරියට ගෙන යාමයි.”