මැයි 08 පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට විශාල මුදලක් යන්නේ නෑ
පාර්ලිමේන්තු සැසිවාරය මැය 08 වැනිදා ආරම්භ කිරීමට විශාල මුදලක් වැය වන බවට පළවන මාධ්‍ය වාර්තා කථානායක කාර්යාලය ප්‍රතික්ෂේප කරයි.
කථානායක කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ මැයි 08 දා පාර්ලිමේන්තුව ආරම්භ වන්නේ දිවා ආහාරයෙන්ද පසුව බැවින් අමතර අහාර පාන සඳහා කිසිදු මුදලක් වැය නොවන බවයි.
එසේම එදිනට වැය වන්නේ සාමාන්‍ය දිනයක පාර්ලිමේන්තුව පැවැත්වීමට වැය කරන මුදලට සමාන මුදලක් බවත් එම නිවේදනයේ දැක්වෙයි.
උපුටා ගැනීම
“පාර්ලිමේන්තුවේ නව සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා අතිවිශාල මුදලක් පාර්ලිමේන්තුව විසින් වැය කරනු ලබන බවට ඇතැම් පාර්ශ්වයන් විසින් මාධ්‍යයට කර ඇති ප්‍රකාශ ඇසුරින් පළ කර ඇති පුවත් අපගේ අවධානයට ලක්ව ඇත. එම තොරතුරු මුළුමනින්ම සත්‍යයෙන් තොර බව ඉතා වගකීමෙන් යුතුව අවධාරණය කරමු.
මැයි මස 08 දින පාර්ලිමේන්තුවේ නව සැසිවාරය උත්සවාකාරයෙන් ආරම්භ වනුයේ දිවා ආහාරයෙන්ද පසුව බැවින්, අමතර ආහාරපාන සඳහා හෝ පාර්ලිමේන්තුව විසින් කිසිදු මුදලක් වැය කරනු නොලබන අතර, එදිනද සාමාන්‍ය පාර්ලිමේන්තු පැවැත්වෙන දිනක පාර්ලිමේන්තුවේ කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තුව මගින් වැය කරනු ලබන මුදල හා සමාන මුදලක් පමණක් වැය වනු ඇත’’
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

