මැදිරිගිරිය වටදාගෙය භූමියේ ඇති පෞරාණික ස්ථාන නිදන් කොල්ලකරුවන් විසින් විනාශ කර ඇති බව මැදිරිගිරිය පොලීසිය සඳහන් කරයි.
මැදිරිගිරිය පොලීසියේ නිලධාරීන්, පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරීන් සහ මංඩලගිරි මහා විහාරයේ විහාරාධිපති මොරගොල්ලාගම සිවලී හිමි ඇතුළු පිරිස අද (13දා) මෙම පූජා භූමිය පරීක්ෂාවට ලක්කළහ.
එහිදී අවට ස්ථාන කිහිපයක නිදන් වස්තු සොයා හාරා ඇති අයුරු, වටිනා පෞරාණික ගල් කණු කුළුගෙඩි භාවිත කර විනාශ කර ඇති අයුරු දැකගත හැකිව ඇත. එමෙන්ම අවට නිවාස තුළ මිරිස් ඇඹරීම සහ රෙදි සේදීම සඳහා සෙල්ලිපි ලියූ ගල් භාවිත කර ඇති අයුරුද දැකගත හැකවී ඇත.