ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් යනු විශිෂ්ට පුද්ගලයෙකු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු මහේල ජයවර්ධන පවසයි.
කොළඹ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් බිහිවූ සුපිරි ක්‍රිකට් තරු ඇගයීම උදෙසා සංවිධානය කළ 'JOES NIGHT OF THE STARS' සම්මාන රාත්‍රියේ ප්‍රධාන කථිකයා ලෙස ඊයේ (15දා) එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහේල
"මැතිව්ස් මා හඳුනා ගත්තෙ මීට වසර 10කට පමණ පෙරදීයි. ඔහු එම කාලයේදීත් විශිෂ්ට දස්කම් දැක්වූ පාසල් ක්‍රීඩකයෙක්. එම කාලයට සාපේක්ෂව ඔහු තමන්ගේ දක්ෂතා විශාල වශයෙන් දියුණු කරගැනීමට කටයුතු කර තිබෙනවා. විශේෂත්වය වන්නේ පිටියේදී පමණක් නොවෙයි ඉන් පිටතදීත් ඔහු බොහොම සුහදශීලී පුද්ගලයෙක් වීමයි" යැයි පැවසීය.