මැතිව් චණ්ඩ මාරුතය හේතුවෙන් හයිටි රාජ්‍යයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 800කට වඩා වැඩිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.
එම සුළි කුණාටුව නිසා ගමනාගමන පහසුකම් ඇණහිට තිබුණු දකුණු ප්‍රදේශ වෙත සහන කණ්ඩායම් ළඟාවෙත්ම මෙසේ මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් දැකිය හැකි බවත්, මේ වනවිට මරණ සංඛ්‍යාව දෙගුණ වී ඇති බවත් පැවසෙයි.
මේ අතර හයිටිය වෙත මානුෂීය ආධාර සපයන ලෝක ආහාර සංවිධානය පවසන්නේ චණ්ඩ මාරුතය නිසා දැඩි බලපෑමට ලක්වූ නගර වෙත ගුවනින් හා මුහුදින් පමණක් ළඟා විය හැකි බවයි.
චණ්ඩ මාරුතය හේතුවෙන් වැඩිම මරණ වාර්තා වී ඇත්තේ හයිටියේ නිරිතදිග වෙරළ කලාපය ආශ්රිත නගරයන්ය.