මැතිව් චණ්ඩ මාරුතය ඇමෙරිකාවේ ෆ්ලොරීඩා වෙරළ කලාපය වෙත ඇතුළු වී ඇති බවත්, එය මේ වනවිට ජීවිත දෙකක් බිලිගෙන මිලියනයකට විදුලි බලය අහිමි කර ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, තවමත් චණ්ඩ මාරුතයේ ප්‍රබල සුළං සම්පූර්ණයෙන්ම ගොඩබිම වෙළාගෙන නොමැති අතර, ආරම්භයේදී සිවුවන තත්ත්වයේ පැවති ප්‍රබල සුළං දහරාව මේ වනවිට දෙවැනි තත්ත්වය දක්වා අඩු වී ඇති බවත් කාලගුණ අංශ පවසයි.
කෙසේ වෙතත්, ෆ්ලොරීඩා ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා සිටියේ මෙම චණ්ඩ මාරුතයේ සෘජු බලපෑමට තවමත් සිය ප්‍රාන්තය ගොදුරු නොවූ බවයි.
හයිටි චණ්ඩ මාරුතය හේතුවෙන් හයිටි ඇතුළු කැරීබියන් කලාපයේ රාජ්‍යයන් හි ජීවිත හානි 840 ඉක්මවා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ෆ්ලොරීඩා ප්‍රාන්තයට අමතරව ජෝර්ජියා, දකුණු කැරොලීනා සහ උතුරු කැරොලීනා යන ප්රාන්තයන්ද චණ්ඩ මාරුතයේ බලපෑමට නතුවන ප්‍රාන්ත ලෙස හඳුනාගෙන තිබේ.