ස්වාධීන මැතිවරණ, පොලිස් හා රාජ්‍ය සේවා කොමිෂන් සභා පිහිටුවීමෙන් තොරව මහා මැතිවරණයක් පැවැත්වීම තවත් අන්ත දූෂිත, ප්රචණ්ඩ මැතිවරණයක් දෝතින් වැළඳ ගැනීමක් වනු ඇතැයි කැෆේ සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.
19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ස්ථාපනය කිරීමට යෝජිත මැතිවරණ, පොලිස් හා රාජ්‍ය සේවා කොමිෂන් සභා නොමැතිව මැතිවරණයක් පැවැත්වීමට කණ්ඩායම් කිහිපයක්ම උත්සාහ දරමින් සිටින බවද එම සංවිධානය කියයි.
ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමෙන් තොරව මැතිවරණ පැවැත්වීමට අවශ්‍යව ඇත්තේ මැතිවරණ දුෂණ, ප්රචණ්ඩ ක්‍රියා සිදුකරමින් හෝ තම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන පිරිසට පමණක් බවද ඔවුහු වැඩිදුරටත් පවසති.