පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පැෆරල් සංවිධානය හා කැෆේ සංවිධානය විසින් දේශීය විදේශීය නිරීක්ෂකයන් විසිපන්දහස් පනහක් යෙදවීමට සැලසුම් කර තිබේ.
මෙම ප්‍රමාණයෙන් නිරීක්ෂකයන් පහළොස්දහස් පනහක් පැෆරල් සංවිධානය විසින් යෙදවීමට සැලසුම් කර තිබෙන අතර, එම ප්‍රමාණයෙන් පනස් දෙනෙක් විදේශීය නිරීක්ෂකයෝ ෙවති.
කැෆේ සංවිධානය විසින් නිරීක්ෂකයන් දසදහසක් යෙදවීමට සැලසුම් කර තිබෙන අතර, අවශ්‍ය වුවහොත් විදේශීය නිරීක්ෂකයන් යෙදවීමටද කටයුතු කරන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
නිරීක්ෂණ කටයුතු ජූලි 06 වැනිදා සිට ආරම්භ කරන බවද හෙතෙම පවසා සිටියේය.
පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා යොදවනු ලබනා විදේශීය නිරීක්ෂකයන් අගෝස්තු පළමු සතියේ සිට නිරීක්ෂණ කටයුතුවල යොදවන බවත්, දේශීය නිරීක්ෂණකයන් ජූලි 06 වැනිදා සිට යොදවන බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
මීට අමතරව සංවිධාන දෙකෙහිම පැමිණිලි ඒකක විවෘත කරන අතර, ඉදිරියේදී ඒ සඳහා පැමිණිලි කිරීමට හැකි දුරකථන අංක, ෆැක්ස් අංක හඳුන්වා දෙන බවද එම සංවිධාන නියෝජිතයෝ සඳහන් කළහ.