මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යාම තමන්ටද වාසිදායක බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.
එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියේ, දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳ ස්ථිර විසඳුම් ලබාගැනීමට නම් නව පාර්ලිමේන්තුවක් සිටිය යුතු බවට දැනටමත් අවධාරණය වී ඇති බවයි. එබැවින් කඩිනමින් මහ මැතිවරණයකට යාම දෙමළ සන්ධානයට වාසිදායක බව ප්‍රේමචන්ද්‍රන් මහතා පවසා සිටියේය.
එම සන්ධානය මේ වනවිටත් මහ මැතිවරණයකට තරග කරන ආකාරය හා අභ්‍යන්තර ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.