පළාත් පාලන මැතිවරණය කල්දැමීම තුළින් රජය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය උල්ලංඝණය කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයින් චෝදනාකරයි.
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස රජයට බල කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පළාත් පාලන සංසඳයේ කැඳවුම්කරු, බොරලැස්ගමුව නගර සභාවේ හිටපු නගරාධිපති අරුණ ප්‍රියශාන්ත මහතා පැවසීය
ඒඅනුව අනිද්දා (20 වන දින) මැතිවරණ කොමිසම වෙත ලිඛිත ඉල්ලීමක් කිරීමටද පළාත් පාලන සංසඳය තීරණය කර ඇති බව කොළඹ අද(18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම කීය.