බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට අදාලව කැෆේ සංවිධානය වෙත සිදුවීම් 1101 ක් ඊයේ (28දා) සවස් වනවිට ලැබී තිබුණි. මේ අතුරින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 1051ක්ද, ප්රචණ්ඩ ක්‍රියා 50ක්ද වාර්තා වී තිබේ.
පළාත් මට්ටමින් ගත් කළ වැඩිම පැමිණිලි බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 634 කි. මේ අතර දකුණින් සිදුවීම් 391 ක් වාර්තා වී තිබේ. මෙවර දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම සිදුවීම් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. එම සංඛ්‍යාව 324 කි.