ශ්‍රී ලංකාවේ මැතිවරණයකට ඉදිරිපත් වීමේදී පක්ෂයක මැතිවරණ ලැයිස්තුවේ කාන්තා නියෝජනය අවම වශයෙන් 30% ක් වත් වියයුතු බවට නීතියක් සම්මත කරගතයුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.
අද (08) ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවති කාන්තා දිනයේදී ප්‍රධාන දේශනය සිදුකරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා ප්‍රකාශ කරන ලද්දේ, පිරිමින් ආරක්ෂා කරන කාන්තාව ආරක්ෂා කිරීම දැයේ වගකීමක් වන බවයි.