නිත්‍යනුකූල අවසරය ලබාගෙන පවත්වන මැතිවරණ රැස්වීමකදී හා නීත්‍යනුකූල කාර්යාලයකදී සහ අපේක්ෂකයා ගමන් ගන්නා වාහනයේ හැර වෙනත් කිසිදු ස්ථානයක මැතිවරණයට අදාළව, බැනර්, පෝස්ටර්, කටවුට්, අත්පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව මැතිවරණ ප්රචාරක කටයුතු පිළිබඳව පෞද්ගලිකවම සොයා බැලීමට පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා තීරණය කර තිබෙන බවත්, මේ පිළිබඳව සෑම පොලිස් පළාතකටම ගොස් ඉහළ නිලධාරීන්ට උපදෙස් ලබාදීමටත් සැලසුම් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මේ වන විට පොලිස් මැතිවරණ ලේකම්කාර්යාලයට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 13 ක් ලැබී තිබෙන බවත්, ඊට අදාළව මේ වනවිට සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන් සියලුදෙනාම රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව පැමිණිලි 89 ක් තම සංවිධානයට ලැබී තිබෙන බවත්, වැඩිම පැමිණිලි සංඛාව ලැබී තිබෙන්නේ මහජන දේපළ හා රාජ්‍ය සේවකයන් මැතිවරණයට යොදා ගැනීම, රාජ්‍ය සේවක පත්වීම් ලබාදීම පිළිබඳව බවද කැෆේ සංවිධානය සඳහන් කරයි.
එම පැමිණිලි ප්‍රමාණය 67 ක් බවත්, දිස්ත්‍රික්කයක් වශයෙන් වැඩිම පැමිණිලි සංඛාවක් ලැබී තිබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බවත්, එම ප්‍රමාණය 13 ක් බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.