මැතිවරණ පැමිණිලි 1000 ඉක්මවයි
දකුණ හා බස්නාහිර පළාත් සභා මැතිවරණයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 1008 ක් තම සංවිධානයට ලැබී තිබෙන බව කැෆේ සංවිධානය සඳහන් කරයි.
ලැබී ඇති පැමිණිලිවලින් පැමිණිලි 613 ක් ලැබී තිබෙන්නේ බස්නාහිර පළාතින් බවත්, දකුණු පළාත තුළින් ලැබී තිබෙන්නේ පැමිණිලි 373 ක් බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
මෙම පළාත් දෙක තුළින් මැතිවරණ පැමිණිලි 946 ක් ලැබී තිබෙන බව මැතිවරණ නිරීක්ෂණ ජාලය සඳහන් කරයි. එම පැමිණිලිවලින් 594 ක් ලැබී තිබෙන්නේ නීති විරෝධී මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් බවත්, මහජනයාට අනිසි බලපෑම් කිරීමේ පැමිණිලි 141 ක් ලැබී තිබෙන බවත් එම සංවිධානයේ ප්රධාන විධායක නිලධාරී උදිත ගුණසේකර මහතා සඳහන් කළේය.
බස්නාහිර දකුණු පළාත් සභා මැතිවරණ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 650 ක් තම සංවිධානයට වාර්තා වී ඇති බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

