පොලිස් මැතිවරණ මෙහෙයුම් මැදිරියට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ ලැබී තිබෙන පැමිණිලි 49කට අදාළව පුද්ගලයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර ප්රාදේශීය සභා සභාපතිවරුන් 04 දෙනෙකු, උපසභාපතිවරයෙකු ඇතුළු දස දෙනෙක් ඇතුළත් වෙති.
මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් 12,000 ක් රටපුරා යොදවා සිටින බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.