(LIVE) මැතිවරණ නීති උල්ලංගණය නොකරමින් ජනපතිවරණයට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජනපතිවරණ අපෙක්ෂකයින් අමතමින් රාජගිරියේදී පැවැසීය.
මෙම කාලසීමාව මැතිවරණ සක්‍රීය කාලසීමාවක් වෙන හෙයින් රටේ සාමාන්‍ය නීතියට අමතරව මැතිවරණ නීතියද ක්‍රියාත්මක බව කොමසාරිස්වරයා පැවැසීය.
ප්රචාරක රැළි, පක්ෂ නියෝජිත කාර්යාලවලදී හැර අනෙකුත් ප්‍රදේශවල මැතිවරණ ප්රචාරක පුවරු, පෝස්ටර් හෝ ධඡ ප්‍රදර්ශනය කළ නොහැකි බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය.
අපෙක්ෂකයා හෝ නියෝජිතයා ගමන් කරන වාහනයේ හැර අනෙක් වාහන වල ප්රචාරක පුවරු, ස්ටිකර් හෝ වැකි ප්‍රදර්ශනය කළ නොහැකි බවත හෙතෙම පැවැසීය.
මෙහිදී මැතිවරණ නීති පිළිබඳව දීර්ඝ විස්තරයක් මැතිවරණ ලේකම්වරයා විසින් අපෙක්ෂකයන්ට දැනුවත් කරන ලදී.