පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව සඳහා නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳව විවාද කිරීමට ගෙන ආ යෝජනාවට විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා දැඩි විරෝධයක් අද (23දා) පාර්ලිමේන්තුවේදී එල්ල කළේය.
ඔහු සඳහන් කළේ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගැස්ට් කර ඇති හෙයින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනතෙක් සිටින ලෙසයි.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ විසි වැනි සංශෝධනය සඳහා හැම පක්ෂයකම අදහස් ඉදිරිපත් වී නැති හෙයින් කල් තැබීමේ විවාදයට නැව මැතිවරණ ක්‍රමයක් සඳහා විවිද කිරීම වැදගත් බවයි.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ විපක්ෂ නායකවරයා එයට විරුද්ධ වුවත් විපක්ෂයේ පක්ෂ 6ක් කල් තැබීමේ යෝජනාවකට මැතිවරණ ක්‍රමයක් ගැන විවාද කිරීමට එකඟතාව ප්‍රකාශ කර ඇති බවයි.