රුපියල් දෙකෝටි විසිලක්ෂයක් වටිනා මැණික් ගලක් සොරකම් කළ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු ඇතුළු ත්‍රිකුණාමල ප්‍රදේශයේ පුද්ගලයන් කිහිපදෙනෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුට අයත් මෙම මැණික්ගල විදේශ රටක ගෙන යෑමට සැලසුම් කර තිබූ බවද පොලීසිය සඳහන් කරයි.
මැණික් ව්‍යාපාරිකයාගේ නිවසේ තීන්ත ආලේපන කටයුතුවලට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා සම්බන්ධ වී තිබෙන අතර, එහිදී මෙම මැණික් ගල සොරකම් කර ඇති බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.