මෙරට මැණික් කැණීම් කටයුතු කිරීමට භූමිය විදේශීය සමාගම් සඳහා ලබාදීමට කිසිසේත්ම කටයුතු නොකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණශාලා පරිශ්‍රයේ පැවති ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (19දා)එක්වෙමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
කෙසේනමුත් තමා නොදැනුවත්ව මැණික් සංස්ථාව විදේශියකයන්ට මැණික් කැණීම සඳහා මෙරට ඉඩම් ලබාදී තිබුණ බවත් එය දැනගත් වහාම එම බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කළ බවත් ජනපතිවරයා සඳහන් කළේය.
"මම ජනවාරියේදී පොදු අපේක්ෂකයා ලෙස මැතිරවරණ ව්‍යාපාරයේ යෙදන විට රත්නපුරදී කරපු ඉල්ලීමක් තමයි බලයට පත්වීමෙන් පසුව විදේශීය සමාගම්වලට ලංකාවේ මැණික් කැණීම් කටයුතු සඳහා ඉඩකඩ, භූමිය ලබාදෙන්න එපා කියන කරුණ.
මම ජනපතිධුරයට පත්වුණාට පස්සෙ රත්නපුරයට ගිහින් මැණික් ව්‍යාපාරිකයෝ හමුවෙලා මම කිවුවා විදේශිකයන්ට මැණික් කැණීම් සඳහා බලපත්‍ර දෙන්නෙ නෑ කියලා.
නමුත් ඒ අතරවාරයේදී මම නොදැනුවත්ව මැණික් සංස්ථාව තුළ එවැනි (විදේශිකයන්ට බලපත්‍ර දීම) කාර්යයන් කරලා තිබුණා. නමුත් මම දැනගත් වහාම ඒ බලපත්‍ර අවලංගු කරන්න කටයුතු කළා. ඒ නිසා මම බොහොම පැහැදිලිව සඳහන් කරන්න ඕන විෂයභාර අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය ප්‍රතිපත්තිය තුළත් මේ රටේ මැණික් කර්මාන්තයේ කෑණීම් වලට භූමිය විදේශීය සමාගම්වලට ලබාදීමට ඉඩදෙන්නෙ නැහැයි කියන දේ" යැයි පැවැසීය.