මැඩර්න් හා ජුලියන් දෝලනය වීමෙන් ඇති වන බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපය පුරාම දිස්ත්‍රික්ක 10කට අධික වැසි සහ අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙහිදී සමහර ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති වියහැකි බවත්, වැසි සමග අකුණු අනතුරු ඇති විය හැකි නිසා අකුණු අනතුරු වළක්වාගැනීමට කටයුතු කරන ලෙසත් කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව ඉදිරි දින කිහිපය පුරා වැසි ඇති වන දිස්ත්‍රික්ක වන්නේ අනුරාධපුර, මඩකලපුව, කොළඹ, ගාල්ල, යාපනය, මහනුවර, නුවරඑළිය, රත්නපුර, ත්‍රිකුණාමලය, මන්නාරම යන දිස්ත්‍රික්කවලය.