මැතිවරණ කාලසීමාවක ජනතා ප්‍රශ්න,ඉල්ලීම්,අයිතීන් වෙනුවෙන් සටන් නොකළ යුතු බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අදහස් දක්වා තිබීම සම්බන්ධව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විරෝධය පළ කරයි.
මැතිවරණ කොමිසම එවැනි තීරණයක් ගෙන ඇත්තේ කුමන ප්රජාතන්ත්රවාදී ප්‍රවාහයක් යටතේද යන්න බරපතළ ගැටලුවක් බවද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා පවසයි.
මැතිවරණ කොමිසම වෙත ලිපියක් යවමින් ඒ මහතා සඳහන් කරනුයේ ඡන්ද දායකයන්ට හා මහජනතාවට බලපෑම් සිදුවන ආකාරයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ඉකුත් දිනවලදී විවිධ ප්‍රකාශ සිදුකර තිබෙන බවයි.