මාළු ආනයනයේදී කිලෝවකට රුපියල් 50 ක් වශයෙන් අය කළ සෙස් බද්ද රුපියල් 100 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කෙසේ වුවද ධීවර ප්‍රජාව සුරක්ෂිත කිරීම සඳහා කටයුතු කිරීමේදී මත්ස්‍ය අපනයනකරුවන් මුහුණදෙන ගැටලු පිළිබඳවද අවධානය යොමු කරන බව ප්‍රකාශ කරන අමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඊට අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කරයි.
.