ගෝලීය කාබන්ඩයොක්සයිඩ් (CO2) මට්ටම මාසිකව වාර්තා වී ඇති ඉහළම අගය මිලියනයකට කොටස් 400ක් දක්වා වාර්තාගතව ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයෝ පවසති.
ඇමෙරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනයේ විද්‍යාඥයන් විසින් මෙම හෙලිදරව්ව සිදුකර තිබේ.
ඔවුන් පෙන්වාදෙන පරිදි වර්ෂ මිලියන දෙකකින් ඔබ්බට මෙතරම් අගයක් වාර්තා වී නැති අතර, මසක කාලයක් තුළ මෙම වාර්තාගත කාබන් ඩයොක්සයිඩ් මට්ටම පෘථිවි වායුගෝලයෙන් පෙන්නුම් කර තිබේ.
ඔවුන් පෙන්වා දෙන පරිදි, මුලින්ම 2012 වසරේදී ආක්ටික් ප්‍රදේශයේදී මිලියනයකට කොටස් 400 සීමාව ඉක්මවා ඇති අතර, පසුව 2013 දී හවායි ආශ්‍රිතව මෙම අගය වාර්තා වී තිබේ.
කාර්මීකරණයට නතුවීමට පෙර තත්ත්වය සමග සැසඳීමේදී මිලියනයකට කොටස් 120කින් කාබන් ඩයොක්සයිඩ් මට්ටම මේ වනවිට ලෝකය තුළ ඉහළ ගොස් ඇති බව ඔවුන් අවධාරණය කරයි.