ජනපතිට කියන්න සේවාව ආරම්භ කර මාස දෙකක් තුළ ඒ සඳහා පැමිණිලි 44,677 ක් ලැබී ඇති බවත්, මහජන ප්‍රශ්න සඳහා ප්‍රතිචාර දැක්විය හැකි කණ්ඩායමක් ගොඩනගන බවත් ජනාධිපති සම්බන්ධීකාරක ශිරාල් ලක්තිලක මහතා පැවසීය.
ජන ජීවිතයේ ගැටලු සඳහා රාජ්‍ය පාලනය හරහා විසඳුම් ලබාදිය හැකි වැඩපිළිවෙළක් ඇති කරන බවත්, 2020 වනවිට සෑම පුරවැසියෙකුටම සිය ප්රශ්නය ක්ෂණිකව විසඳාගැනීමේ ක්‍රමවේදයක් ඇතිකිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අරමුණ බවත් ලක්තිලක මහතා කියා සිටියේය.
අදාළ පැමිණිලි 44,677 තුළින් පැමිණිලි 923 ක් විසඳිය නොහැකි ගැටලු වන බවත්, අනිකුත් සියලුම පැමිණිලි විසඳීම සඳහා අදාළ පාර්ශ්ව වෙත යොමුකර ඇති බවත් ලක්තිලක මහතා පැවසීය.
ලැබී ඇති පැමිණිලි අතුරින් 22,947 ක් 1919 දුරකථන අංකයට ලැබී ඇති අතර, 11,636 ක් තැපැල් මගින්ද, පැමිණිලි 10,094 ක් ඊමේල් පණිවුඩ හරහාද ලැබී තිබේ.
ජනපතිට කියන්න සේවාව ඉදිරියේදී නව තාක්ෂණය හඳුන්වාදෙමින් ශක්තිමත් කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය.