නව ඉන්ධන මිල සූත්‍රය අනුව මාස දෙකකට වරක් ඉන්ධන මිල අඩුවිම හෝ වැඩිවිම සිදුවිය හැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.
අද (10දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. නව ඉන්ධන මිල සූත්‍රයට ඊයේ (09දා) කැබිනට් අනුමැතිය හිමිවිය.
එසේම නව ඉන්ධන මිල සූත්‍රය හරහා මහා භාණ්ඩාගාරයට වසරකට රුපියල් බිලියන 55.8ක මුදල් ඉතිරියක් අපේක්ෂා කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.