ශ්‍රී පාද සමය ආරම්භවීමෙන් පසුව ගත වූ මාස තුනේදී වන්දනාකරුවන් ලක්ෂ 20 ක් පමණ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණ ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පැවසූහ.
එසේම මේ වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත 2014/2015 ශ්‍රී පාද සමයේදී මාස 6 ක් පුරාවටම දන්සලක් ලබාදීමට කටයුතු කරන බවද ධම්මදින්න හිමියෝ පැවසූහ. මේ සඳහා අවශ්‍ය ගොඩනැගිල්ල මහගිරි දඹයේදී ඉදිකරන බවද උන්වහන්සේ පැවසූහ.
මේ අතර ශ්‍රී පාද මළුව වටා අභිනවයෙන් ඉදිකරන ලද රන්වැටද අද (16දා) විවෘත කෙරිණි.
ශ්‍රී පාද මළුව වටා අලුතින් ඉදිකරන ලද රන්වැටේ උස අඩි 5 අඟල් 5 ක් වන අතර, රන් අලේපිත කුලුනු 310 ක් එයට ඇතුළත් වෙයි.
හැටන් රංජිත් රාජපක්ෂ