මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූලි 31 වැනිදා දක්වා රට තුළ යතුරුපැදි මාරක අනතුරු 739ක් සිදුව ඇති අතර, ඒ හේතුවෙන් පුද්ගලයන් 766 දෙනෙකු මරණයට පත්ව ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ නිසි ප්රමිතියකින් යුතු හෙල්මටයක් නොපැලඳීම, අනාරක්ෂිත ලෙස වමෙන් ඉස්සර කිරීම, තෙහෙට්ටුව මෙන්ම යතුරුපැදි තාක්ෂණික දෝෂයන්ද මෙම අනතුරු සඳහා මූලිකව බලපා ඇති බවයි.
මේ සඳහා ශ්රී ලංකා ප්රමිතිය යටතේ නිෂ්පාදිත හෙල්මටයක් වෙළෙඳපොළට හඳුන්වා දී ඇති බවත්,තාක්ෂණික දෝෂ හේතුවෙන් යතුරුපැදිය කැඩී වෙන්වීමට හේතූන් පිළිබඳ මේ වනවිටලෝකය පුරා තාක්ෂණික විශේෂඥයන් පරීක්ෂණ සිදු කරමින් පවතින බවත් ජාතික සභාව සඳහන් කරයි.
2016 වර්ෂයේ යතුරුපැදි මාරක අනතුරු 1178ක් සිදුව ඇති අතර, ඒ හේතුවෙන් පුද්ගලයන් 1227 දෙනෙකු මරණයට පත්ව ඇති බවද වාර්තා වේ.
.