මාස 6ක් තුළ ආඝාත රෝගීන් 2753ක් වාර්තා වී ඇති බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.
කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (26දා) මාධ්‍ය සම්මන්ත්‍රණයකදී අදහස් දැක්වමින් ඇය මේ බව පවසා සිටියාය.මේ මස 29 වැනිදාට යෙදෙන ලෝක ආඝාත දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම සම්මන්ත්‍රණය කැඳවා තිබුණි.
ආඝාත රෝගී තත්ත්වය පිළිබඳව මාස 06ක් පුරා සිදු කළ කරුණු එක්රැස් කිරීමකින් පසු සිදු කළ සමීක්ෂණයකින් මෙම තොරතුරු හෙළි වී තිබෙන බව ඇය මෙහිදී සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය,
"මෙම රෝගයට ගොදුරු වන ප්‍රධාන වයස් කාණ්ඩය ලෙස අවුරුදු 60 ට අඩු පිරිස පෙන්වා දිය හැකියි. එයි සියයට 33%ක් තරුණ පිරිස වන අතර වයස 45ට අඩු ප්‍රතිශතය සියයට 7%ක්. මෙය සැලකිලිමත් විය යුතු තත්ත්වයක්. මෙම රෝගයට වැඩි වැඩි වශයෙන් ගොදුරු වන්නේ පිරිමි පක්ෂය වන අතර එහි ප්‍රතිශතය 57%ක්.
කාන්තාවන් මෙම රෝගයට ගොදුරුවීමේ අවදානම 42.6%ක්. අධිරුධිර පීඩනය, දුම්බීම, මද්‍යසාර පානය, ව්‍යායාම මදිකම, දියවැඩියාව, කොලෙස්ටරෝල් යන කාරණා මෙම රෝගය වැලඳීමට ප්‍රධාන ලෙසම බලපානු ලබනවා. වැරදි හා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවද මේ රෝගය වැපඳීමට තවත් හක් ප්‍රධාන හේතුවක්.
මුඛය ඇදවීම, කතා කිරීමේ අපහසුතාව, අත් අප්‍රාණික වීම, ආදී තම ශරීරයේ අත්පාවල අසාමාන්‍ය තත්ත්වයන් ඇති වූවහොත් වහාම ළඟම ඇති ප්‍රධාන රෝහලක් වෙත හැකි ඉක්මනින් යොමු විය යුතුයි. නිසි කලට ප්‍රතිකාර ලබා ගතහොත් රෝගය සුවකර ගත හැකිවා සේම ආබාධ අඩු කර ගත හැකියි." යනුවෙන්ද පවසා සිටියාය.