මේ වසරේ ගෙවීගිය පළමු මාස 09 තුළදී අලි මිනිස් ගැටුම නිසා අලි ඇතුන් 188 දෙනෙකුත් මිනිසුන් 63 දෙනෙකුද මියගොස් ඇතැයි වාර්තා වේ.
ප්‍රා‘දේශීය වශයෙන් සිදුකළ සොයා බැලීමකදී මෙම මරණ ප්‍රමාණය සිදුව ඇතැයි වාර්තා වන අතර, එහෙත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව මේ වසරේ පළමු මාස 07 ක කාලය තුළදී අලි මරණ 145 ක් සිදු වී මිනිස් මරණ 42 ක් සිදු වී ඇත.
පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට ජූලි 31 වැනිදා දක්වා කාලය තුළදී අලි ඇතුන් මරණ 112 ක් හා මිනිස් මරණ 33 ක් වාර්තා වී ඇත. මේ අනුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව ගෙවීගිය වසරේ පළමු මාස 07 ක කාලයට වඩා මේ වසරේ පළමු මාස 07 ක කාලය තුළදී, අලි මරණ 33කින් හා මිනිස් මරණ 09කින් ඉහළ ගොස් තිබේ.
2014 වසරේ සමස්ත කාලය තුළදී අලි මරණ 231කුත්, මිනිස් මරණ 67කුත් වාර්තා වී ඇත.වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට ජූලි 31 වැනිදා දක්වා සිදු වූ අලි මිනිස් මරණවලින් වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ නැගෙනහිර හා පොළොන්නරු වනජීවී කලාපවලිනි.
මේ අනුව නැගෙනහිර කලාපය තුළදී අලි ඇතුන් 32 ක් හා මිනිසුන් 09 දෙනෙකු මරණයට පත්ව තිබේ. මීට අමතරව පොළොන්නරු කලාපයෙන් අලි ඇතුන් මරණ 30කුත් මිනිස් මරණ 11කුත් වාර්තා වී තිබේ.
මරණයට පත් අලි ඇතුන්ගෙන් 28 දෙනෙකු මියගොස් තිබෙන්නේ වෙඩි තැබීමෙන් බව වාර්තා වන අතර, 19 දෙනෙකු මියගොස් තිබෙන්නේ හක්කපටස් පුපුරායෑමෙනි. එමෙන්ම තවත් 24 දෙනෙකු හඳුනා නොගත් ආකාරයට මරණයට පත්ව තිබේ.