දුම්කොළ කරුංකා හා වෙනත් ද්‍රව්‍යය අඩංගු කර සකස් කළ මත්ද්‍රව්‍යයක් මාවන් නමින් පාසල් ආශ්‍රිතව අලෙවි කරන බවට ලැබුණ පැමිණිලි මත එම මත්ද්‍රව්‍යය අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
මාලඹේ ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ සිදුකළ මෙහෙයුමකදී මාවන් ලෙස හඳුන්වන මෙම ද්‍රව්‍ය අඩංගු පැකට් 50ක් අත්අඩංගුවට ගත් බවත්, එහි සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට ලබාදුන් බව ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී ප්‍රදීප් කළුතර ආරච්චි මහතා සඳහන් කළේය.
මෙම මිශ්‍රණය භාවිතා කිරීමෙන් පසු සිසුන් මත් භාවයකින් හැසිරෙන බව දෙමාපියන් හා ගුරුවරුන් විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බව ඒ මහතා පවසා සිටියේය.