අර්ජුන රණතුංගගෙන් පසුව කොතරම් සුපිරි ක්‍රීඩකයන් බිහි වුණද කිසිවෙකුට ලෝක කුසලානයක් ගෙන එන්නට නොහැකි විය. අර්ජුණ ක්‍රිකට් සභාපතිව සිටි සමයේ කොණ්ඩය නොකැපීම නිසා අර්ජුණගේ දෝශාරෝපණයට ලක් වූ මාලිංගට අද එම අවස්ථාව උදා වී තිබේ. අද ජයග්‍රහණය කළහොත් අර්ජුණගෙන් පසුව ලෝක කුසලානය අත දරන්නේ මාලිංගය.
මාධ්‍යවේදීන් සමග ඇති කර ගත් ගැටුම්, මුදල් වෙනුවෙන් අයි.පී.එල්. ක්‍රීඩා කරන්නේ යැයි එල්ල වුණු චෝදනා මේ සියල්ල අකාමකා දමන්නට ලෝක කුසලානය හේතු වනු ඇත. එසේම ටෙස්ට් ක්‍රීඩා නොකරන්නේ ශ්‍රී ලංකාවේ සීමිත පන්දු ඕවර තරගවල යහපත වෙනුවෙන් යැයි මාලිංග කියද්දී එය පිළිනොගත් බොහෝ දෙනාටද මෙය හොඳ පිළිතුරක් වනු ඇත.
එහෙත් මෙහිදී අමතක නොකළ යුතු ක්‍රීඩකයෙකු සිටියි. ඒ දිනේෂ් චන්දිමාල්ය. තීරණාත්මක අවසන් පූර්ව තරගයේ දී ලකුණු අතර සිටියද නොසිටියද නායකයා වශයෙන් තමා ක්‍රීඩා කළ යුතුම යැයි කියන්නට බලයත්, අයිතියත් ඔහුට තිබිණි. එහෙත් වඩාත් හොඳ කණ්ඩායම තෝරා ගන්න යැයි ඔහු කළමනාකාරීත්වයට අවස්ථාව දුන්නේය. අවසන් තරගයේදීත් ඔහු ඒ අවස්ථාවම කළමනාකාරීත්වයට ලබා දී තිබේ. මෙය වර්තමානයේ කිසිදු නායකයෙකු නොකරන කැපකිරීමකි. එවැනි කැප කිරීමක් වෙන්නේ මුදලට ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ තරගාවලියකදී පමණි. එහෙයින් මේ කැපවීම් සියල්ල ලෝක කුසලානය ජයගත්තද නොගත්තද අමතක නොකළ යුතු බව මතක් කළයුතුව තිබේ.