මාලඹේ ළමයි කොතලාවලට ගන්න ඉල්ලීමක්
- 21 09 2017
- 20:47
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සියලුම සිසුන් කොතලාවල විද්‍යා පීඨයට ඇතුළත් කර ගන්නා ලෙසට රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බව මාලඹේ වෛද්‍ය පීඨයේ දෙමාපිය සංසදය සඳහන් කරයි.
දෙමාපියන්ගේ අත්සන් සහිත ලිපියක් මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම ඉල්ලීම සිදුකරන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
ලිපියට අත්සන් ගැනීම 24 වැනිදා සිදුකරන බවත්, ලබන සතිය තුළදී රජයට මෙම ලිපිය බාරදෙන බවද හෙතෙම පවසා සිටියේය.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් රට තුළ පැනනැගී තිබෙන අර්බුදකාරී තත්ත්වය නිසා සිසුසිසුවියන් 850කට අධික පිරිසකට අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බවද ඔහු සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
