අතුරුගිරිය, මාලඹේ ජෝතිපාල මාවතේ 14 වැනි පටුමග අසළ පිහිටි නිවසකට නාඳුනණ පිරිසක් විසින් වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පවසයි. මෙම වෙඩි තැබීමෙන් නිවසට හානිවී ඇතත් නිවැසියන්ට තුවාන සිදුව නොමැත. ටි. 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. අතුරුගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.