මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පසුගිය ආණ්ඩුව සමයේ ඇතිකළ එකක් බැවින් කවුරුන් මොනවා කීවද ආපස්සට හැරවිය නොහැකි බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(08දා) පැවසීය.
මහාමාර්ග අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා,“දැනට විශ්ව විද්‍යාල සිසුන්ට තියෙන එකම ප්‍රශ්නේ සයිටම් එක විතරයි.වෙන ප්‍රශ්න නැහැ.ඒක අපි ඇතිකරපු එකක් නෙවෙයි පසුගිය ආණ්ඩුව කාලෙ ආරම්භ කරපු එකක්.ඒ නිසා කවුරු මොනවා කිව්වත් ඒක ආපස්සට හරවන්න බැහැ.ගිය ආණ්ඩුව පටන් ගත්තට පස්සෙ ඒකෙ උපාධිය පිළි අරන් තියෙනවා.
ඒකෙ අවුරුදු පහක් ඉගෙනගත්ත ළමයින්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන.රජයේ අනුග්‍රහය ඇතිව පටන් අරගෙන අවුරුදු පහක් ඉගෙනගෙන ඉන්න ළමයි අපට අතහරින්න පුළුවන්ද?”යනුවෙන් පවසා සිටියේය.