ශ්‍රී ලංකාව හා මාලදිවයින ඉතා හොඳ අසල්වැසියන් බවත්, අන්තර්ජාතික වේදිකාවේදී මාලදිවයිනේ සහාය ශ්‍රී ලංකාවට හිමිවන බවත් මාලදිවයින් ජනපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයූම් මහතා මහින්ද රාජපක්ෂ මහතාට පවසා තිබේ.
ජනපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළේ ඊයේ (25දා) පස්වරුවේදී මාලදිවයිනේ පැවැති ශ්‍රී ලංකා ජනපති හා මාලදිවයින් ජනපති අතර සාකච්ඡාවේදී මාලදිවයින් ජනපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළ බවයි. මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුම් තුනක්ද අත්සන් කරනු ලැබීය.