මාලදිවයිනේ රාජ්‍යයේ ආරක්ෂක සේවා සංවර්ධනය සඳහා අවශ්‍ය දැනුම, පුහුණුව සහ වෙනත් පහසුකම් අත්කරගැනීමට උදව් කරන්නැයි මාලදිවයින් ආරක්ෂක ඇමති කර්නල් (විශ්‍රාමික) මෙහොමඩ් නසීම් මහතා මාලදිවයිනේ කුරුම්බා දිවයිනේ සංචාරයක නිකේතනයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. තම රට කඩිනමින් සපුරාගැනීමට අපේක්ෂා කරන ආරක්ෂක ප්‍රමුඛතා ගණනාවක් ඇමතිවරයා ජනාධිපතිවරයා හමුවේ තැබීය.
සෙබළ පුහුණුව ඇතුළු අංශ කිහිපයක දැටමත් සැපයෙන උපකාරවලට අමතරව සෙසු ඉල්ලීම් විමර්ශනය කොට හැකි අයුරින් ඉටුකිරීමට ජනාධිපති රාජපක්ෂ මහතා එකඟත්වය පළකළේය.