මාලදිවයිනේ ජනාධිපති අබ්දුල් යමින් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට ශ්‍රී ලංකාව තුළදී අත්අඩංගුවට ගත් මාලදිවයින් ජාතිකයා ආගමන විගමන දෙපාර්තමේන්තු භාරයේ සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මාලදිවයිනේ සිට පළාවිත් දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද ඒ මහතා පවසා සිටියේය.
එහිදී ආගමන විගමන නිලධාරීන්ට අවශ්‍ය සහයෝගය සහ ආරක්ෂාව පොලීසිය විසින් ලබාදුන් බවද මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.