ස්කොට්ලන්ත ජාතික ඉන්ජිනේරුවෙකුට හා ඔහුගේ පෙම්වතියට බම්බලපිටියේ සමාජශාලාවකදීපහර දුන්නැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි මාලක සිල්වාට නඩුව අවසන් වන තුරු සමාජ ශාලා වෙත යාමට තහනම් කළ කොළඹ අතිරේක මහේස්ත්රාත් ඒ.එම්. සහාබ්දීන් මහතා ඔහුට අද (28දා) ඇප ලබාදුන්නේය.
ඔහුට රුපියල් පනස් දහසක මුදල් ඇපයක්ද ලක්ෂ දහය බැගින් ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්රාත්වරයා, ඔහුගේ මවත් පියාත් ඇපයට අත්සන් කළ යුතුයැයිද ප්රකාශ කළේය.
හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදි අදාළ ඉංජිනේරුවා මාලක සිල්වා හඳුනාගත් අතර, ඔහුගේපෙම්වතියට ඔහුව හඳුනාගැනීමට නොහැකි විය
මාලක සිල්වා සමග අත්අඩංගුවට පත්ව සිටි සෙසු සැකකරුවන්ටද ඇප ලැබිණි.