මාරාන්තික හා වඩාත් නරක අතට හැරෙන එබෝලා වෛරසය මැඩපැවැත්වීමේ අරමුණින් අප්‍රිකානු රටවල් 11ක සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි රැස්වීමක් කැඳවා තිබේ.
ඝානාවේ අක්රා හිදී මෙම විශේෂ රැස්වීම කැඳවා ඇති අතර, මේ වනවිට මෙම වෛරසය ශරීරගත වූවන් 763 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 468ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම සිදුවීම්වලින් වැඩි ප්‍රමාණයක් එබෝලා වෛරසය පැතිරීම ඇරඹි ගිනියා රාජ්‍යයෙන් වාර්තා වෙයි.
නමුත්, ඉන් අනතුරුව ලයිබීරියාව හා සිරෙයා ලියෝන් යන රටවලටද පැතිරෙමින්, මේ වනවිට එබෝලා වෛරසය පැතිරීම ලොව පුරා දැවැන්ත හා වඩාත් මාරාන්ති තත්ත්වයක් ඇතිකර තිබෙන බව බලධාරීහු පවසති.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසියේ කැඳවා ඇති රැස්වීම වෙත සහභාගි වී ඇති අප්‍රිකානු රටවල සෞඛ්‍ය බලධාරීන් අතර අයිවරි කෝස්ට්, කොංගෝ ජනරජය, ගැම්බියාව, ඝානාව, ගිනියා බිස්සාව්, මාලි, සෙනගාල් සහ උගන්ඩා යන රාජ්‍යයන්ගේ සෞඛ්‍ය අමාත්‍යවරුද සිටිති.