මාර්ග සංවර්ධනයට ඩො මිලියන 60ක ණයක්
මාර්ග සංවර්ධනයට අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදලින් (OFID) ඇ.ඩො.මිලියන 60ක ණය මුදලක් ලබාගත් බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, A5 මාර්ගයේ බදුල්ල - චෙන්කලාඩි දක්වා කොටස සංවර්ධන කිරිමට අදාළ ප්‍රතිපාදන ලබාගැනීම සඳහා සහ බස්නාහිර පළාතේ තෝරාගත් මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු සඳහා වන ගිවිසුම් දෙකකට ශ්‍රී ලංකා රජය සහ අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදල අද (26දා) ඔස්ට්‍රියාවේ වියානා නුවරදී අත්සන් තබා තිබේ.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඊට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අත්සන් තැබූ අතර, අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදල වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ අධ්යක්ෂ ජනරාල් සුලෙයිමාන් ජසීර් අල්-හර්බිෂ් මහතා ය.
මාර්ගය සංවර්ධන කිරීම සඳහා ඇ.ඩො.මිලියන 140ක් වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. ඉන් ඇ.ඩො.මිලියන 60ක් අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදල ලබා දෙනු ඇති බවත්, ඉතිරි මුදල ශ්‍රී ලංකා රජය සහ සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල ඒකාබද්ධව වැය කිරීමට අපේක්ෂිත බවත් මුදල් අමාත්‍යාංශය කියයි.
2.5 % පොලී අනුපාතයක් මත ලබා දෙන මෙම ණය මුදල ගෙවා දැමීම සඳහා වසර 5ක සහන කාලයක් සහිතව වසර 20ක කාලයක් හිමි වන බවද මුදල් අමාත්‍යාංශය කියයි.
A5 මාර්ගයේ පේරාදෙනිය සිට බදුල්ල දක්වා කොටස මේ වන විටත් සංවර්ධනය කර අවසන් ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

