අලුත්ගම- කොළඹ මාර්ග අංක 400 හා අලුත්ගම -මීගම මාර්ග 412 යන මාර්ගවල පෞද්ගලික බස්රථ වර්ජනයක් මේ වනවිට ක්රියාත්මක බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
මෙම මාර්ග අංක දෙක සඳහා නීතිවිරෝධී ආකාරයට ධාවන බලපත්ර ලබාදී ඇති බවත්, ඒ පිළිබඳ බස්නාහිර පළාත් ප්රධාන ලේකම්වරිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.