එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නව මහකොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසෙයින් හා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අතර හමුවක් මේ මස තුළ නිවියොක් නුවරදී සිදුවේ.
ඒ සඳහා අවස්ථාවක් ඉල්ලා ලිපියක් යැවූ බව මහාචාර්ය පීරිස් මහතා 'අද' පුවත්පතට පැවසීය. නව මහ කොමසාරිස්වරයා හා රජයේ නියෝජිතයන් අතර වන ප්‍රථම නිල හමුව මෙය වන අතර, එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීම අතරතුර මෙම හමුවීම සිදුවනු ඇත.
එම ලිපිය මගින් නව මහ කොමසාරිස්වරයාට සුබ පැතූ බවත් අපක්ෂපාතී කාර්යභාරයක් ඔහු විසින් ඉටු කරනු ඇති බවට තමා අපේක්ෂා කරන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
නව මහකොමසාරිස්වරයා ඔහුට පෙර තනතුරේ සිට නවි පිල්ලේ මහත්මියට වඩා අපක්ෂපාතී අයෙකු ලෙස වැඩකරනු ඇති බවට තමා විශ්වාස කරන බවද ඔහු පැවසීය.