මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය පත්කළ කමිටුව ඉදිරියට ගොස් සාක්ෂි දෙන ලෙස උතුරු ජනතාවගෙන් දෙමළ ජාතික සන්ධානය ඉල්ලීමක් කර තිබේ.
එහිදී බිය නැතුව ඉදිරියට පැමිණෙන ලෙස ජනතාවට ඉල්ලීම් කළ බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්.එන්. සිවාජිලිංගම් මහතා %අද^ පුවත්පතට පැවසීය.
එසේම දෙමළ සන්ධානය පක්ෂයක් ලෙස සාක්ෂි දෙනවාද, නැතිනම් එහි සාමාජිකයන් තනි තනිව සාක්ෂි දෙනවාද යන්න මේ මස තීරණය කරන බව ඔහු කීය.
කෙසේ නමුදු එහි මන්ත්රී අප්පාතුරෙයි විනායගමූර්ති මහතා සඳහන් කළේ තමා නියත වශයෙන්ම සාක්ෂි දෙන බවයි.