එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය විසින් ශ්රී ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ කමිටුවේ පරීක්ෂණ කටයුතු එළඹෙන බ්රහස්පතින්දා (03දා) සිට ආරම්භ කරන බව විදෙස් ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙම පරීක්ෂණය සඳහා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.45 ක (රුපියල් මිලියන 189) මුදලක් වෙන්කර තිබෙන බවද එම වාර්තා තහවුරු කරයි.