ත්රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ හා හදීසි නීති රෙගුලාසි යටතේ රඳවා තබා ඇති රැඳවියන් හා රිමාන්ඩ් භාරයේ පසුවන්නන් ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව නීතිපතිට ලිඛිතව දන්වා තිබේ.
ත්රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ හා හදීසි නීතිය යටතේ අධිචෝදනා ලත් විශ්වාසනීය සාක්ෂි සහිත චූදිතයන් දීර්ඝ කාලයක් රඳවා සිටින්නේ නම් හෝ රිමාන්ඩ් භාරයේ පසුවන්නේ නම් ඔවුන් ඇප මත මුදාහැරිය යුතු බවද විශ්වාසනීය සාක්ෂි නොමැතිව දීර්ඝ කාලයක් රඳවා ඇති පිරිස් කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසද එම ලිපියේ සඳහන්ව තිබේ.