එක්සත් ජතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කළ වාර්තාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දී තිබේ.
එම වාර්තාව සැර බාල වූ බවට ආණ්ඩුව ප්‍රකාශ කළත් එවැනි තත්ත්වයක් වාර්තාවේ දක්නට නොමැති බව ඔහු පවසයි.
එසෙම් මානව හිමාකම් කොමසාරිස් කාර්යාලයේ ස්වාධීන බව ප්‍රශ්න සහගත බවද ඔහු පවසයි.
"එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ ස්වාධීන බව ප්‍රශ්න සහගතය. එහි නඩත්තුව සඳහා මුදල් වැඩි වශයෙන් ලැබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පොදු අරමුදලෙන් නොව විවිධ බටහිර රටවලින් ලැබෙන ස්වෙච්ඡා සම්මාදම් වලිනි. ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ඉදිරිපත් කලේද ඒ බටහිර රටවල් විසින්මය'
ලංකාවේ අලුත් ආණ්ඩුවක් බලයට පත්වී තිබෙන නිසා මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මෙකී වාර්තාවේ “සැර අඩු කොට” ඇති බවට ඇතැම් අය ප්‍රචාර ගෙන යමින් සිටී. මෙකී වාර්තාවේසැර අඩු කොට තිබෙන බවක් මට පෙනෙන්නේ නැත. මෙවන් වාර්තාවකින් කළ හැකි උපරිම දෙය වන්නේ යුධ අපරාධ අධිකරණයක් ස්ථාපිත කළ යුතු යැයි යෝජනා කිරීම පමණි. මේ වාර්තාවට එවන් යෝජනාවක් ඇතුලත් කිරීමෙන් ඔවුන් යාහැකි උපරිම දුර ගොස් ඇති බව පෙනේ.
මානව හිමිකම් කවුන්සිලයට හෝ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණයක් පිහිටුවිය නොහැක. එවැන්නක් කරීමට බලය ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පමණි. නමුත් ආරක්ෂක මණ්ඩලය තුල චීනයේ හා රුසියාවේ නිශේධ බලය නිසා ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත.. යුධ අපරාධ අධිකරණයක් ඇති කිරීමට තිබෙන තුන් වන හා අවසන් ක්‍රමය වන්නේ අදාළ රටේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග “දෙමුහුන්” යුධ අපරාධ අධිකරණයක් පිහිටුවීමට එකඟ වීමයි.
මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මෙකී වාර්තාව විසින් කර ඇත්තේ යුධ අපරාධ අධිකරණයක් බිහි කිරීමට ඇති එකම ප්‍රායෝගික ක්‍රමයට අනුව එවැන්නක් පිහිටුවීමට නිර්දේශ කිරීමයි. මේ වාර්තාවේ සැර අඩුකර නැති බව එයින් කාටත් පැහැදිලි වනු ඇත.සිදුවූවා යැයි කියන සිද්ධීන් සම්බන්ධව කිසිවෙකුගේ නම් සඳහන් නොවන්නේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට එය සනාථ කිරීමට නොහැකි නිසාය." යනුවෙන් එම නිවේදනයේ සඳහන් වෙයි.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)