මීට වසර හතරකට පමණ පෙර කෙහෙල්බද්ද පද්මේ නැමැත්තා තමන්ට ඩුබායිහිදී දැක ඇති බවත් ඔහු ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා සමග පැමිණ තමන් සමග ඡායාරූප ගත් බවත් නිරූපණ ශිල්පි පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.
කෙහෙල්බද්දර පද්මේ හා පියුමි හංසමාලි මුදල් ගනුදෙනු සිදු කළේද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීද මෙම ප්රශ්නය පොලිස් මාධ්‍ය ප්‍රකාශකයට යොමු වූ අතර එහිදී ඔහු පැවැසුවේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදි වාර්තාවක් ලබා දෙන බවයි.
තම ෆේස්බුක් ගිණුමෙන් අදහස් දක්වමින් පියුමි තවදුරටත් ප්‍රකාශ කරන්නේ තමන් කිසිම අවස්ථාවක කෙහෙල්බද්දර පද්මේ සමග මුදල් ගනුදෙනු සිදු කර නොමැති බවයි. එසේම තමන්ට කිසිවෙකුගේත් නීති විරෝධි කලු සල්ලි අවශ්‍ය නොම බවයි.
