එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය අතර නිවාස සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළැඹීමට තීරණය කර තිබේ. ඒඅනුව එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන (UN – HABITAT) ශ්‍රී ලංකා රජය සමග සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිණිස අද (30දා) දින පස්වරුවේ අවබෝධතා ගිවිසුමකට එළැඹීමට නියමිතය. මෙම ගිවිසුමට එක්සත් ජාතීන්ගේ ආසියානු - ෆැසිපික් කලාපීය මානව ජනාවාස කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී ශ්‍රීනිවාස පෝපුරි මහතා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්, ඩබ්.කේ.කේ. අතුකෝරාළ මහත්මිය විසින් අත්සන් කිරීමට නියමිතය.